සාමාන්‍ය පෙළ විභාගයේ ආරක්ෂාවට විශේෂ වැඩපිළිවෙලක්

සාමාන්‍ය පෙළ විභාගයේ ආරක්ෂාවට විශේෂ වැඩපිළිවෙලක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පවසනවා.

ඒ සඳහා පොලිස් නිලධාරීන් 2,000ක් යොදවා ඇති බව සඳහන්.

එමෙන්ම, විභාග මධ්‍යස්ථානවල ආරක්ෂාව සඳහා ජංගම සංචාර සහ පාමුර සංචාරද සිදු කිරීමට නියමිත බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් 452,979 දෙනෙකු පෙනී සිටිමට නියමිත අතර දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,527කදී විභාග කටයුතු හෙට (06) ආරම්භ වීමට නියමිතයි

Share This