මැණික් තොගයක් එක්ක පුද්ගලයෙකු ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට

මැණික් තොගයක් එක්ක පුද්ගලයෙකු ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට

මැණික් තොගයක් නීති විරෝධී ලෙස රැගෙන යෑමට තැත් කළ පුද්ගලයෙකු ගුවන් තොටුපොල ආරක්ශක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා

ශ්‍රී ලන්කන් ගුවන් යානා අංක UL 127 දරණ ගුවන් යානයෙන් ඉන්දියාවේ චෙන්නායි බලා පිටත් වීමට පැමිණි අවස්ථාවේදීයි මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගත් මගියාගේ ගමන් මල්ලේ ග්‍රෑම් 482.02 ක් බර විවිධ වර්ගයේ මැණික් ගල් තොගයක් තිබී ඇති අතර එක්ස් රේ යන්ත්‍රවලට හසු නොවන පරිදි මේවා කාබන් කොළවලින් ආවරණය කර තිබී ඇති බව සඳහන්.

මෙම පුද්ගලයා සහ මැණික් තොගය ගුවන්තොටුපොල රේගුව වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර මැණික්වල වටිනාකම රුපියල් ලක්ෂ 16 ක් බවයි රේගුව මගින් තක්සේරු කර ඇත්තේ

Share This