Burger 34,000ක් කා ගිනස් වාර්තාව අලුත් කළ මිනිසෙක්

Burger 34,000ක් කා ගිනස් වාර්තාව අලුත් කළ මිනිසෙක්

ගිනස් ලෝක වාර්තාවකට හිමිකම් කියන ඩොනල්ඩ් ගෝර්ස්කේ, ජීවිත කාලය තුළ වැඩිම බිග් මැක් බර්ගර් ප්‍රමාණයක් පරිභෝජනය කළ පුද්ගලයා ලෙස තම ස්ථානය තවදුරටත් තහවුරු කරගෙන තිබෙනවා.

70 හැවිරිදි ඔහු 2023 වසර තුළ පරිභෝජනය කර ඇති බර්ගර් ප්‍රමාණය 728ක්.

ඒ අනුව ඔහු මෙතෙක් පරිභෝජනය කර ඇති බර්ගර් ප්‍රමාණය 34,128ක් ලෙසින් ගිනස් ලෝක වාර්තා මගින් ලේඛනගත කර ඇති බව සඳහන්.

ඩොනල්ඩ් ගෝර්ස්කේ මහතාගේ බර්ගර් ගමන ආරම්භ කර ඇත්තේ වසර 52 කට පෙර එනම් 1972 මැයි 17 වැනිදායි.

ඔහුගේ සමාරම්භක බිග් මැක් අත්දැකීම ආවර්ජනය කරමින් ඔහු පවසන්නේ ඔහුගේ ජීවිතයේ ඉතිරි කාලයත් බර්ගර් පරිභෝජනය කරමින් ගෙවා දමන බවයි.

Share This