සුරාසැල් විවෘතකිරීම නිසා ‘පාසල් විවෘත කිරීමට’ ඇති වන බලපෑම(VIDEO)

සුරාසැල් විවෘතකිරීම නිසා ‘පාසල් විවෘත කිරීමට’ ඇති වන බලපෑම(VIDEO)

සුරාසැල් විවෘතකිරීමට කටයුතු කිරීම කොවිඩ් ව්‍යාප්තිය පාලනය සඳහා දැඩි අහිතකර බලපෑමක් සිදුවන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය පද්මා එස්. ගුණරත්න මහත්මිය සඳහන් කරනවා.

සුරාසල් ඉදිරිපිට ජනතාව පොරකන දර්ශන දක්නට ලැබුණු බවත් පාසල් ඉක්මනින්ම විවෘත කිරීමට ඇති අවස්ථාවද මෙමගින් දීර්ඝ විය හැකි බවත් ඇය පෙන්වා දෙනවා.

මේ අතර ඇඳිරිනීතිය දීර්ඝ කිරීමෙන් මෙරට කොවිඩ් ව්‍යාප්තිය තවදුරටත් සාර්ථක ලෙස පාලනය කර ගැනීමේ හැකියාව ලැබෙන බව ද ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සඳහන් කරනවා.

මත්පැන් ලබා ගැනීම සඳහා ඊයේ (17) තිබුණු පෝලිම් පහතින් දැකගත හැකියි.

Share This