ශ්‍රීලනිප ඉහළ තනතුරුවල ඉන්න කිහිපදෙනෙකුට ලැබුණු වාරණය

ශ්‍රීලනිප ඉහළ තනතුරුවල ඉන්න කිහිපදෙනෙකුට ලැබුණු වාරණය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැඩබලන සභාපති අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ, පක්ෂ වැඩබලන මහලේකම් දුෂ්මන්ත මිත්‍රපාල යන මහත්වරුන්ගේ කටයුතු අත්හිටුවමින් කොළඹ දිසා අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මැයි මස 8 වන දින දක්වා ක්‍රියාත්මක වන පරිදි එම වාරණ නියෝගය නිකුත් කර ඇති බව සඳහන්.

එමෙන්ම පසුගිය 21 වන දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව බව පවසා අනීතික ලෙස සාමාජිකයින් පිරිසක් සමග රැස්වී එකඟ කරගත් තීරණ ක්‍රියාත්මක කිරීම ද, එම විධායක සභාවට ද මැයි මස 08 වනදා තෙක් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

Share This