විද්‍යාපීඨ ගුරුවරුන් 7800ක් ලබන ජූනි 15 වැනිදා ජාතික හා පළාත් පාසල්වලට

විද්‍යාපීඨ ගුරුවරුන් 7800ක් ලබන ජූනි 15 වැනිදා ජාතික හා පළාත් පාසල්වලට

විද්‍යාපීඨ ගුරුවරුන් 7800කට ලබන ජූනි 15 වැනිදා නව පත්වීම් ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

ඒ අනුව විද්‍යාපීඨ ගුරුවරුන් ජාතික හා පළාත් පාසල්වල ගුරු හිඟය පියවීම සදහා අනියුක්ත කිරීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා පැවසුවේ

ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතාගේ සහභාගීත්වයෙන් අද (18) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

එමෙන්ම ලබන වසරේ දී සාමාන්‍ය පෙළ හා උසස් පෙළ යන විභාග දෙකම එකම වසරක් තුළ පැවැත්විය හැකි පරිදි අධ්‍යයන කටයුතු ක්‍රමානුකූලව සාමාන්‍ය තත්ත්වයට ගෙන එමින් විභාග කාලසටහන යාවත්කාලීන කරන බවත් ඔහු සඳහන් කළා.

මීට අමතරව විද්‍යාව, තාක්ෂණය සහ භාෂාව වැනි ගුරු හිඟය වැඩි වශයෙන් පවතින විෂය ක්ෂේත්‍රවලට අනුමැතිය ලබාගැනීමෙන් පසු විශ්ව විද්‍යාලවලින් පිට වන වයස 35ට අඩු උපාධිධාරීන් අතරින් ජාතික හා පළාත් මට්ටමින් ගුරුවරුන් බඳවා ගැනීමටත් ඉදිරියේ දී පියවර ගන්නා බවයි අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Share This