වැලිගම විවාහ උත්සවයකට අනාරාධිතව කෑමට ගිය සිසුන්ට වූ දේ

වැලිගම විවාහ උත්සවයකට අනාරාධිතව කෑමට ගිය සිසුන්ට වූ දේ

වැලිගම නගර ශාලාවේ පැවති මංගල්‍යය උත්සවයකට අනාරාධිතව ගොස් ආහාර ගැනීමට උත්සාහ කළ බව කියන පාසල් සිසුන් පස් දෙනකු එහි සේවකයන් විසින් අල්ලා පොලීසිය වෙත බාර දීමේ සිද්ධියක් දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබෙනවා

මේ පිළිබඳව ස්වර්ණවාහිනි පත්තරේ වැඩසටහනින්ද අවධානය යොමු කළ අතර නගර ශාලාව අවට පදිංචි අවුරුදු 12,13,16,17 වයසේ පසුවන සිසුන් පස් දෙනකු මෙම සිද්ධියට මුහුණ පා ඇති බවයි වැඩිදුරටත් එම පුවත්පතේ සඳහන් කර තිබෙන්නේ

නගරාධිපතිනියගේ ද දැනුම් දීම පරිදි පොලීසිය පැමීණ වැලිගම පොලීසිය වෙත කැදවා ගෙන ගොස් පැය කිහිපයකට පසු මුදා හළ බව වැලිගම පොලීසියේ ප්‍රකාශකයෙක් මාධ්‍යයට පවසා තිබෙනවා

මෙම සිද්ධියට ලක්වු සිසුවකු පවසා තිබෙන්නේ “එම විවාහ මංගල්‍යයවලට විශාල පිරිසකට උයනවා. එතැන ඉතිරි වන කෑම කන්න අපි මීට පෙරත් ගිහින් තියෙනවා. කෑම උයන අංකල් කෙනෙක් තමයි අපිට කාලා යන්න එන්න කීවේ.ඒ අනුව අපි පස් දෙනා ගියාම එතන හිටපු කෙනෙක් පොඩ්ඩක් ඉන්න කීවා. ඒ අතරතුර දී නගරාධිපතිතුමිය හා තවත් කිහිප දෙනකු ඇවිත් අපිට බැනලා පඩි පෙළ ළඟ දණ ගහ ගෙන ඉන්න කීවා.විශාල පිරිසක් හිටපු නිසා අපිට ඒ වෙලාවේ ලොකු ලැජ්ජාවක් ඇති වූණා.ටික වේලාවකට පසු පොලීසිය පැමිණ අපිව රැගෙන ගියා. එහෙදිත් බැනලා පැය තුනකට පසුව අපි අම්මලා තාත්තලාට අපිව භාර දුන්නා.” යනුවෙනුයි

කෙසේනමුත් වැලිගම නගරාධිපතිනී යමුනා කාන්ති මහත්මිය ළමුන් දණගැස්වීමක් සිදු නොකල බව එම පුවත්පතට සඳහන් කර තිබෙනවා

 

Share This