රුසියාවේ යුක්‍රේන දේශ සීමාව ආසන්නයේ පිහිටි ප්‍රදේශයකට ප්‍රහාර

රුසියාවේ යුක්‍රේන දේශ සීමාව ආසන්නයේ පිහිටි ප්‍රදේශයකට ප්‍රහාර

යුක්‍රේන දේශසීමාවේ පිහිටි රුසියාවේ බෙල්ගොරොද් ප්‍රදේශයට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයන් හත් දෙනෙකු මියගොස් 35 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

පසුගිය පැය 24 තුළ බෙල්ගොරොඩ් කලාපයේ තවත් ස්ථාන කිහිපයකටද ප්‍රහාර එල්ල වී ඇති අතර නේවාසික ගොඩනැගිලිවලට හානි සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ආරම්භයේ සිටම බෙල්ගොරොඩ් ප්‍රදේශය යුක්‍රේන හමුදා විසින් ඉලක්ක කර තිබෙන අතර මෙතෙක් සිදු වූ මාරාන්තිකම ප්‍රහාරය දෙසැම්බර් මාසයේදී සිදුවී තිබෙනවා.

Share This