දරුවන් දෙදෙනා ප්‍රාණ ඇප‍යට ගත් පියා රිමාන්ඩ්

දරුවන් දෙදෙනා ප්‍රාණ ඇප‍යට ගත් පියා රිමාන්ඩ්

අත්බෝම්බයක් සහිතව දරුවන් දෙදෙනා ප්‍රාණ ඇප‍යේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගත් පියා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඔහු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇති බව සඳහන්.

බිරිඳ සමග ඇතිවූ ආරවුලක් හේතුවෙන් හංවැල්ල – ජල්තර – රාජ්‍ය සේවක නිවාස සංකීර්ණය තුළ දී අත්බෝම්බයක් අතැතිව පියා විසින් සිය දරුවන් ප්‍රාණ ඇපයට ගෙන සිටි අතර පසුව සිදුකළ මෙහෙයුමකින් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඔවුන් බේරාගෙන තිබුණා.

Share This