වගා ආරක්ෂණ කටයුතුවලට ගිනි අවි භාවිතය වෙනුවෙන් පැවති නීති සංශෝධනය කෙරේ

වගා ආරක්ෂණ කටයුතුවලට ගිනි අවි භාවිතය වෙනුවෙන් පැවති නීති සංශෝධනය කෙරේ

වගා ආරක්ෂණ කටයුතු සඳහා ගිනි අවි භාවිතය වෙනුවෙන් පෙර පැවති නීති සංශෝධනය කර තිබෙන බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා

ඒ අනුව එම බලපත්‍ර නිකුත් කිරීම සඳහා තිබිය යුතු වගා භූමි ප්‍රමාණය අක්කර 5ක් දක්වා සංශෝධනය කිරීමටයි තීරණය කර ඇත්තේ

වසරක් තුළ විවිධ වන සතුන් හේතුවෙන් විශාල ලෙස බෝග විනාශවන හෙයින් කාලීන අවශ්‍යතාවක් ලෙස සලකා මෙම තීරණය ගත් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ

මෙරට කෘෂිකර්මාන්තය නගා සිටුවීම ,ගොවි ආර්ථිකය ශක්තිමත් කිරීම සහ රටේ ආහාර සුරක්ෂිතතාව සඳහා කරනු ලබන ධනාත්මක වැඩසටහන් පිළිබඳව රජය විසින් යොමු කර ක්‍රියා කරන බවද රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කරනවා

එමෙන්ම වගා ආරක්ෂණ කටයුතු සඳහා ගිනිඅවි භාවිතය සම්බන්ධ තොරතුරු පිළිබඳව වැඩි විස්තර අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලින් ලබා ගත හැකි බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ

Share This