ලෝක බැංකු විශේෂ දූත පිරිසක් ලබන සතියේ මෙරටට

ලෝක බැංකු විශේෂ දූත පිරිසක් ලබන සතියේ මෙරටට

ලෝක බැංකුවේ විශේෂ දූත පිරිසක් එළඹෙන සතියේ මෙරට සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවට තවදුරටත් ලෝක බැංකු සහාය ලැබිය යුතුද යන්න විමසා බැලීමේ අරමුණින් එම පිරිස මෙරට සංචාරයක නිරත වන බවයි ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා සඳහන් කළේ.

එහිදී ශ්‍රී ලංකාව විසින් ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමට මෙතෙක් සිදුකල කාර්යයන් ඇගයෙනු ඇති.

ක්ෂේත්‍ර චාරිකාවෙන් පසු එම ලෝක බැංකු නියෝජිත පිරිස මෙරට සෞඛ්‍ය බලධාරීන් හා අනෙකුත් ප්‍රතිපත්ති සම්පාදකයින් හමුවී සාකච්ඡා කිරීමට ද නියමිතව තිබෙනවා.

Share This