ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට දින නියම වෙයි

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට දින නියම වෙයි

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්වන අදියර එළඹෙන ජූලි මස 31 වනදා සිට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ තරගාවලිය අගෝස්තු මස 22 දක්වා පැවැත්වීමට නියමිත බවයි.

කණ්ඩායම් 5කින් සමන්විත තරගාවලිය ජාත්‍යන්තර ක්‍රීඩාංගණ 3 කදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

තරගාවලිය සඳහා සහභාගී වන එක් පිළකට ක්‍රීඩකයින් 20 දෙනෙකු තෝරා ගැනීමට හැකියාව පවතින අතර ඒ සඳහා දේශීය ක්‍රීඩකයින් 14 දෙනෙකු සහ විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙකු ඇතුළත් කරගත හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළා.

Share This