මුහුදු යන්න හිතන් ඉන්නවනම් අද යන්න එපා

මුහුදු යන්න හිතන් ඉන්නවනම් අද යන්න එපා

ප්‍රදේශ කිහිපයකට වැසි – මුහුද ගැනත් අනතුරු ඇඟවීමක්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද(02) දිනයේත් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් විටින් විට වැසි ඇතිවිය හැකියි.

එසේම ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි අතර වයඹ පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇතිවීමේ හැකියාව පවතිනවා.

මීට අමතරව ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ඇතැම් අවස්ථාවලදී පැයට
කිලෝමීටර 70 දක්වා ඉහළ යා හැකියි.

එම නිසා ඉදිරි පැය විසි හතර තුළ එම මුහුදු ප්‍රදේශ ධීවර හා නාවික කටයුතු සඳහා සුදුසු නොවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

Share This