මැදගම නගරයේ ‘අසරණව මියගිය’ ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයා (PHOTOS)

මැදගම නගරයේ ‘අසරණව මියගිය’ ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයා (PHOTOS)

ඔක්කම්පිටිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයෙකු වශයෙන් සිටි අයෙකු බිබිල මැදගම නගරයේ අසරණව ජීවත් වෙමින් සිටිය දී මියගොස් තිබෙනවා.

මැණික් ව්‍යාපාරිකයෙකු වශයෙන් සිටිය දී අහිංසක මිනිසුන්ට උදව් කර තිබෙන ඔහු ගෙවීගිය වසර කිහිපයේ දී ජීවත්ව ඇත්තේ නගරයේ සිඟමන් යදිමිනුයි.

මැදගම පොළ භුමියේ ඔහු මිය ගොස් සිටියදී රෝහලට ගෙන ගොස් පී.සී.ආර් පරීක්ෂණයක් පැවැත්වීමෙන් පසු කොරෝනා රෝගියෙකු නොවීම නිසා සිරුර භාරගැනීමට පවුලේ ඥතීන් කැඳවා තිබුණා.

මියගිය පුද්ගලයාගේ බිරිඳ සහ දියණිය රෝහලට පැමිණ ඔහුව හඳුනාගෙන ඇති අතර පසුව  මගහැර ගොස් තිබෙනවා.

ප්‍රදේශවාසීන් එක්ව මෙම පුද්ගලයාගේ අවසන් කටයුතු සිදු කළ බවයි මැදගම ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා   liveat8.lk වෙබ් අඩවියට සඳහන් කළේ.

 

Share This