මහවැලි පවුලක මාසික ආදායම ‘රුපියල් ලක්ෂය දක්වා වැඩි කරන බව’ ඇමති රොෂාන් කියයි

මහවැලි පවුලක මාසික ආදායම ‘රුපියල් ලක්ෂය දක්වා වැඩි කරන බව’ ඇමති රොෂාන් කියයි

තවත් වසර කිහිපයකින් මහවැලි පවුලක මාසික ආදායම රුපියල් ලක්ෂය දක්වා වැඩි කිරීමට කටයුතු සැළසුම් කර ඇති බව වාර්මාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ මහවැලි කළාපයේ ගොවි පවුල්වල ජීවන තත්ත්වය නගා සිටුවීම සදහා ජාතික වැඩසටහනක් සැකසීමට විද්වතුන් සමඟ මහවැලි අධිකාරියේ පැවති සාකච්ඡාවක් අතරතුර දීයි.

එහිදී අමාත්‍යවරයා මෙසේ සඳහන් කළා.

“මෙතෙක් අපි අති විශාල මුදලක් වැය කර තිබෙනවා මහවැලි කලාපවල සිටින ගොවීන් නගාසිටුවන්න. එච් කලාපයේ හා වලව කලාපයේ ගොවීන් යම් තාක් දුරට දියුණු මට්ටමකට පැමිණිය ද අනෙකුත් කලාපවල ගොවීන්ට දියුණු මට්ටමකට ඒමට නොහැකි වී තිබෙනවා.

අපි එම ගැටලු හඳුනාගෙන ඔවුන් නගාසිටුවීමේ කඩිනම් සැළසුමක් ක්‍රියාත්මක කළ යුතුව තිබෙනවා. මහවැලි කලාපයේ තරුණයින් නවීන කෘෂිකාර්මික දැනුමෙන් පෝෂණය කළ යුතුයි. අපනයන කෘෂි බෝග සදහා ඔවුන් යොමු කළ යුතුයි. මහවැලි කලාපය තාක්ෂණික කෘෂි ගම්මානයක් බවට පත් කිරීම අපේ අරමුණයි. ඒ සඳහා මම විද්වත් ඔබෙන් සහයෝගය ඉල්ලා සිටිනවා.”

Share This