මහනුවර යුගයේ ඉදිකළ නක්කාවත්ත සුදර්ශනාරාම විහාරය ප්‍රතිසංස්කරණය කෙරේ

මහනුවර යුගයේ ඉදිකළ නක්කාවත්ත සුදර්ශනාරාම විහාරය ප්‍රතිසංස්කරණය කෙරේ

මහනුවර යුගයේ ඉදිකරනු ලැබූ නක්කාවත්ත සුදර්ශනාරාම විහාරයෙහි විහාර මන්දිරය ප්‍රතිසංස්කරණය කර ඉපැරණි චිත්‍ර සංස්කරණය කර තිබෙනවා.

මෙම පුරාවිද්‍යාත්මක ස්ථානය ජනතාව වෙත වැදුම් පිදුම් කිරීම සඳහා කඩිනමින් සංරක්ෂණ කටයුතු අවසන් කළ බවයි බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසුවේ.

මෙම විහාරයෙහි ටැම්පිට විහාරයක්ද පවතින අතර ඉපැරණි මල් ආසන දෙකක්, කණු පාදම් දෙකක්ද දක්නට ලැබෙනවා.

විහාර මන්දිරය මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ප්‍රතිසංස්කරණ කටයතු සිදුකළ බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Share This