බලව් බලව් කුරුසේ එල්ලෙන ජේසු අනේ, තුවාල මුළු සිරුරේ උල්පත් සැනසීමේ – මහ සිකුරාදා දිනය අදයි (VIDEO)

බලව් බලව් කුරුසේ එල්ලෙන ජේසු අනේ, තුවාල මුළු සිරුරේ උල්පත් සැනසීමේ – මහ සිකුරාදා දිනය අදයි (VIDEO)

කතෝලික ජන වන්දනා වසරේ වැදගත් දිනයක් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ ඇණ ගැසීම සහ මරණය සිහිකරන මහ සිකුරාදා දිනය අදට(29) යෙදී තිබෙනවා.

ලොව පුරා වෙසෙන කිතුණු බැතිමතුන් අළු බදාදායින් ඇරඹුණු චතාරික සමය තුළ දින 40ක් පුරා ආගමික වතාවත්වල නිරත වෙමින් පාස්කුවට සූදානම් වූ බවයි සඳහන් වන්නේ.

ඒ අනුව චතාරික සමය ඊයේ(28) එනම් මහ බ්‍රහස්පතින්දා දිනයෙන් අවසන් වූ අතර එදින දේව මෙහෙයේ අවසානයත් සමග පාස්කු සමයේ ආරම්භය සනිටුහන් කළා.

ලෝවැසි සියලුදෙනා පවින් මුදවා ගැනීමට එදා ජේසුස් වහන්සේව කුරුසියේ ඇණ ගැසූ බව ශුද්ධවූ බයිබලයේ දැක්වෙනවා.

ලොව පුරා වෙසෙන කතෝලික ජනතාව අද දවස පුරා දේවස්ථානයේ වත්පිළිවෙත්වලට සම්බන්ධ වෙමින් ජේසුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය මෙනෙහි කරනු ලබනවා.

මහ සිකුරාදා දිනයේදී ලොව පුරා ඇති දේවස්ථානවල ජේසුස් වහන්සේගේ කුරුසියේ ගමන සිහිපත් කරමින් පාද නමස්කාරයද, උන්වහන්සේගේ මරණය සිහිපත් කරමින් කුරුසියේ වන්දනාව හා කුරුස සිපාචාරය යන මෙහෙයන් පැවැත්වෙනවා.

මහ සිකුරාදා දිනයේදී ජේසුස් වහන්සේගේ දුක් විදීම හා මරණය සිහි කරන අතර හෙට (30) එනම් ආලේලූයා සෙනසුරාදා ජේසුස් වහන්සේගේ උත්ථානය නොහොත් මරණින් නැගිටීම සිහිපත් කරන බව සඳහන්.

ඒ අනුව කිතුණු ජන වන්දනාවේ වැදගත්ම මංගල්‍යය පාස්කු මංගල්‍යය ලෙස හදුන්වන අතර ඊට හේතු වන්නේ පාස්කුවෙන් තොර නත්තලක් නොපැමිණෙන බවට කිතුණුවන්ගේ ඇති විශ්වාසය නිසවෙනි.

Share This