පාපන්දු සම්මේලනයේ නව ව්‍යවස්ථාව බහුතරයකින් සම්මතයි

පාපන්දු සම්මේලනයේ නව ව්‍යවස්ථාව බහුතරයකින් සම්මතයි

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නව ව්‍යවස්ථාව අද (22) තුනෙන් දෙකකටත් වඩා වැඩි බහුතරයකින් විශේෂ මහාසභා රැස්වීමේදී සම්මත වූ බව එහි සභාපති ජස්වර් උමාර් මහතා පවසනවා

මෙම ව්‍යවස්ථාවේ එක් ලීගයක් සදහා එක ඡන්දයක් වෙනුවට ඡන්ද තුනක් ලබාදීම පිළිබඳව වූ වගන්තියට පක්ෂව ඡන්ද 48ක් ලැබුණු බවත් ,විපක්ෂව ඡන්ද කිසිවක් ලැබී නොතිබුණු බවත් 13ක් ඡන්දය දීමෙන් වැළකී සිටි බවත් ඔහු සඳහන් කළා

මෙම වගන්තිය හැර අනෙක් සියළු වගන්ති සදහා ඡන්ද 61 ක් ලැබුණු අතර කිසිවකුගේ විරෝධතාවයක් ලැබී තිබුණේ නැහැ

මෙම විශේෂ මහාසභා රැස්වීමේදී ව්‍යවස්ථා කෙටුම්පත නිරීක්ෂණයට දිවයිනට පැමිණ සිටින ජාත්‍යාන්තර පාපන්දු සංගමයේ නියෝජිතයන් දෙදෙනා සහ ආසියානු පාපන්දු සම්මේලනයේ නියෝජිතයාද සහභාගී වී තිබෙනවා

Share This