පවෙල්ගේ සමුගැනීම ‘ඉක්මන් කළේ’ රුධිරගත පිළිකාවට ගත් ප්‍රතිකාර! (PHOTOS )

පවෙල්ගේ සමුගැනීම ‘ඉක්මන් කළේ’ රුධිරගත පිළිකාවට ගත් ප්‍රතිකාර! (PHOTOS )

කොවිඩ් -19 සංකූලතා හේතුවෙන් මියගිය 84 හැවිරිදි හිටපු ඇමරිකානු රාජ්‍ය ලේකම් කොලින් පවෙල් කොවිඩ්-19 වෛරසයට එරෙහිව පූර්ණ එන්නත් ලබාසිටි අයෙකු බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

පවෙල් මීට පෙර රුධිරගත පිළිකාවකට ප්‍රතිකාර ලබාගෙන තිබූ අතර, මෙය ඔහු කොවිඩ්-19 රෝගය උත්සන්න වීමට ප්‍රධාන හේතුවක් ලෙස සැළකෙනවා.

ජනාධිපති ජෝ බයිඩන් පවෙල්ව ආදරණීය මිතුරෙකු ලෙස හැඳින්වූ අතර, ඔහු පැවසුවේ රණශූරයාගේ සහ රාජ්‍ය තාන්ත්‍රිකයාගේ ඉහළම පරමාදර්ශ ඔහු මූර්තිමත් කළ බවයි.

හිටපු ජනාධිපති බැරැක් ඔබාමා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ පවෙල් “මේ රටේ හොඳම දේ තේරුම් ගත්, එම පරමාදර්ශයට අනුකූලව තම ජීවිතය, වෘත්තිය සහ ප්‍රසිද්ධ ප්‍රකාශන ගෙන ඒමට උත්සාහ කළ” අයෙකු බවයි.

 

 

 

Share This