ජපානයේ විදේශ කටයුතු අමාත්‍යවරිය දිවයිනට 

ජපානයේ විදේශ කටයුතු අමාත්‍යවරිය දිවයිනට 

දෙදින නිල සංචාරයක් සදහා ජපාන විදේශ කටයුතු අමාත්‍ය යොකෝ කමිකාවා මහත්මිය අද(04) දිවයිනට පැමිණියා.

මෙරට ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ජපානයේ සහයෝගය තවදුරටත් ලබාදීම ජපාන විදේශ කටයුතු අමාත්‍යවරියගේ සංචාරයේ අරමුණ බවයි සඳහන් වන්නේ.

ඒ අනුව මෙම දෙදින නිල සංචාරයේදී ජපන් විදේශ කටයුතු අමාත්‍ය‍වරිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු මෙරට නියෝජිතයින් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

Share This