පලස්තීන වෛද්‍යවරයෙකු ඊශ්‍රායලයේ සිරගෙදරදී මියයයි

පලස්තීන වෛද්‍යවරයෙකු ඊශ්‍රායලයේ සිරගෙදරදී මියයයි

පලස්තීන වෛද්‍යවරයකු මාස ​​හතරකට වැඩි කාලයක් රඳවා තබා ගැනීමෙන් පසු ඊශ්‍රායල සිරකඳවුරක මිය ගිය බව පලස්තීන සිරකරුවන්ගේ සංගම් පවසනවා.

50 හැවිරිදි වෛද්‍ය අද්නාන් අල්-බර්ෂ් ගාසා තීරයේ අල්-ෂිෆා රෝහලේ ප්‍රධාන විකලාංග වෛද්‍යවරයා ලෙස කටයුතු කළ බව සඳහන්.

ජාතික ආරක්ෂක හේතූන් මත රඳවාගෙන ඔෆර් බන්ධනාගාරයේ මියගිය සිරකරුවෙකු පිළිබඳව අප්‍රේල් 19 වන දින නිකුත් කළ නිවේදනයට අනුව මියගියේ වෛද්‍ය අල්-බර්ෂ් බවයි ඊශ්‍රායල බන්ධනාගාර සේවය තහවුරු කරන්නේ.

මරණයට හේතුව පිළිබඳව කිසිදු තොරතුරක් ප්‍රකාශ කර නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එහෙත් පලස්තීන සිරකරුවන් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් බ්‍රහස්පතින්දා ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ආචාර්ය අල්-බර්ෂ්ගේ මරණය ඝාතනයක් බවත් ඔහුගේ සිරුර තවමත් ඊශ්‍රායල භාරයේ පවතින බවත්ය.

Share This