තෙල් මිලදී ගන්නැයි ඉරානය ඉන්දියාවෙන් ඉල්ලයි

තෙල් මිලදී ගන්නැයි ඉරානය ඉන්දියාවෙන් ඉල්ලයි

රුසියාවෙන් තෙල් මිලදී ගැනීමේදී බලවත් රටවල් එල්ල කළ පීඩනයට ඉන්දියාව එරෙහි වූ බව ඉන්දියාවේ ඉරාන තානාපති ඉරාජ් එලාහි පවසනවා.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ බටහිර බලපෑම්වලට එරෙහි වීමට තරම් ඉන්දියාව ශක්තිමත් බවයි.

එමෙන්ම ඉන්දියාව ඉරානයෙන් ද තෙල් ආනයනය කිරීම ආරම්භ කරනු ඇතැයි අපේක්ෂා කරන බව ඉන්දියාවේ ඉරාන තානාපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

ඉන්දියාව යනු තායිවානය හෝ දකුණු කොරියාව නොවන බවයි ඉරාජ් එලාහි පවසා ඇත්තේ.

එමෙන්ම ඉන්දියාවේ පැවැත්වෙන ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සමුළුවට ද ඉරාන ජනාධිපතිවරයා අනිවාර්යයෙන් සහභාගී වන බව ඔහු තහවුරු කර තිබෙනවා.

Share This