ඩයනාගේ මන්ත්‍රී අසුනේ නඩුව යළි කල් යයි

ඩයනාගේ මන්ත්‍රී අසුනේ නඩුව යළි කල් යයි

ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ පෙත්සමේ තීන්දුව ලබා දීම ලබන මස 25වනදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියම කළා.

ඒ එහි සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ අදාළ පෙත්සම අද(06) කැඳවූ අවස්ථාවේදීයි.

බ්‍රිතාන්‍ය පුරවැසිභාවයක් හිමි ඩයනා ගමගේ මහත්මියට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීම නුසුදුසු බවට නිගමනය කරන ලෙස ඉල්ලමිනුයි අදාළ පෙත්සම ගොනු කර තිබුණේ.

මීට පෙර දින නියම වී තිබුණේ එහි තීන්දුව අද දින ප්‍රකාශයට පත් කිරීමටයි.

Share This