ජය ශ්‍රීට අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සිතාසි

ජය ශ්‍රීට අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සිතාසි

වාණිජ මහාධිකරණය විසින් ජය ශ්‍රී සංගීත කණ්ඩායමේ රෝහිත ජයලත් සහ රොහාන් ජයලත් යන දෙදෙනාට එරෙහිව නිකුත් කර තිබු වාරණ ආඥාව උල්ලංඝනය කරමින් වාරණය කරන ලද ගීත ගායනා කිරීමට එරෙහිව අද(13) දිනයේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සිතාසි නිකුත් කර තිබෙනවා.

මෙහිදි පෙත්සම්කාර අරුණ ලියාන් වෙනුවෙන් තිලිණි හේවාවිතාරණගේ උපදෙස් මත නීතිඥ රඛිත රාජපක්ෂ, නීතිඥ සඳුන් සේනාධිපති සමග ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ යන මහත්වරුන් පෙනී සිටිමින් සඳහන් කළේ අධිකරණය විසින් නිකුත් කරන ලද වාරණ ආඥාව උල්ලංඝනය කිරීම ඉතා බරපතළ කරුණක් වන බවයි.

Share This