ගිනි අවියක් සොරකම් කිරීමකට සම්බන්ධ පුද්ගලයෙක් අත්අඩංගුවට

ගිනි අවියක් සොරකම් කිරීමකට සම්බන්ධ පුද්ගලයෙක් අත්අඩංගුවට

විල්ගමුව පොලිස් ස්ථානය ඉදිරිපස ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරියා භාරයේ තිබූ ගිනි අවිය සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ විල්ගමුව කොන්ගහමුල හන්දිය අසල බුදු මැදුරේ බුදුපිළිමය පිටුපස ටී – 56 ගිනි අවියක් ඇති බවට ලැබුණු තොරතුරක් මත ගිනි අවිය සොයා ගෙන සිදු කළ විමර්ශනයේදී එම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි.

සැකකරු 36 හැවිරිදි වියේ පසුවන 10 යාය, නුගගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Share This