ගවයින් මසට ගෙන ගිය තිදෙනෙක් දැලේ

ගවයින් මසට ගෙන ගිය තිදෙනෙක් දැලේ

ඉතාමත් අමානුෂික ලෙස ලොරි රථයකින් මී ගවයන් සහ එළදෙනුන් 22ක් ප්‍රවාහනය කළ සැකකරුවන් තිදෙනෙකු ඊයේ (14) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තණමල්විල කිතුල්කොටේ ප්‍රදේශයේ සිට කදාන ප්‍රදේශය දක්වා ගවයන් ප්‍රවාහනය කර ඇති අතර එක් කිරි එළදෙනක් ලොරි රථයේම මිය ගොස් ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (15) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම‍ට නියමිතයි.

Share This