කොවිඩ් සිරුරු භූමිදානයට තවත් සුසාන භූමි තුනක්

කොවිඩ් සිරුරු භූමිදානයට තවත් සුසාන භූමි තුනක්

කොවිඩ් සිරුරු භූමිදානය සඳහා ත්‍රිකුණාමලය, පුත්තලම සහ අම්පාර යන ප්‍රදේශවල තවත් සුසාන භූමි තුනක් සූදානම් කිරීමට කටයුතු යොදා ඇතැයි කොවිඩ් 19 සම්බන්ධීකාරක සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කරනවා

අලුත් සුසාන භූමි තුන සඳහා යොදා ගන්නා භූමි ප්‍රදේශ සම්බන්ධයෙන් තාක්ෂණික කමිටුව විශේෂ කරුණු අධ්‍යයනයක් කර ගෙන යන බවත් විශේෂ කරුණු ගණනාවක් එහිදී සැලකිල්ලට භාජන කිරීමට නියමිත බවත් දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබෙනවා

Share This