කාබනික ගොවිතැන අසාර්ථක බව පෙන්වන්න ඇතැමුන්  රුපියල් ලක්ෂ තුනක් දෙනවලු

කාබනික ගොවිතැන අසාර්ථක බව පෙන්වන්න ඇතැමුන් රුපියල් ලක්ෂ තුනක් දෙනවලු

කාබනික ගොවිතැන අසාර්ථක බව පෙන්වමින් මාධ්‍යයට අදහස් ප්‍රකාශ කිරීමට ඉදිරිපත් වන්නේ නම් ඒ සඳහා රුපියල් ලක්ෂ තුනක මුදලක් දීමට ඇතැම් පිරිස් සූදානමින් සිටියේ යැයි ගොවි සංවිධාන නියෝජිතවරු කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා හමුවේ පවසා තිබෙන බව දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබෙනවා.

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා.

රාජ්‍ය ප්‍රතිපත්තිය අනුව කාබනික වී වගාව ක්‍රියාත්මක කිරීමේදී විවිධාකාරයේ බලපෑම් හා කුමන්ත්‍රණ ක්‍රියාත්මක වූ බව ද  පෙන්වා දුන් බවයි පැවසෙන්නේ.

ගොවි සංවිධාන නියෝජිතවරුන් කෘෂිකර්ම අමාත්‍යාංශයේදී ඇමැති මහින්දාන්නද අලුත්ගමගේ මහතා හමු වූ අවස්ථාවේදී මේ බව සඳහන් කර තිබෙනවා

දිස්ත්‍රික්ක 25ම නියෝජනය කරමින් ගොවි නියෝජිතවරු මේ හමුවට එක්ව සිටි අතර මහ කන්නයේ වී අස්වැන්නෙන් සියයට 40 -50 ත් අතර ප්‍රමාණයක් අඩු විය හැකි බවද මෙහිදී පෙන්වා දුන් බව සඳහන්

මේ වගා හානි පිළිබඳ ඇස්තමේන්තු කර වන්දි දෙන ලෙස ද ඇමැතිවරයාගෙන් මෙම ගොවි නියෝජිතවරු ඉල්ලා තිබෙනවා

මේ සියලු අභියෝග හඳුනාගෙන ඒවාට මුහුණ දෙමින් යල කන්නයේ වී වගාව සාර්ථක කර ගැනීම සඳහා රජය සමඟ තම සංවිධානය අධිෂ්ඨානශීලීව කටයුතු කරන බව ද ඔවුහු ඇමතිවරයාට අවධාරණය කරනවා.

මෙහිදී අදහස් දක්වමින් කෘෂිකර්ම ඇමැතිවරයා පෙන්වා දුන්නේ මාස හයකට ප්‍රමාණවත් සහල් මහ කන්නයේ වී අස්වැන්නෙන් ලබා ගත හැකි වනු ඇති බවයි.

මහ කන්නයේ වගා හානි සඳහා හානිය පිළිබඳ තක්සේරු වාර්තා කඩිනමින් ගෙන වන්දි ගෙවීම කඩිනම් කරන ලෙස ද ඇමැතිවරයා කෘෂි රක්ෂණ මණ්ඩලයට මෙහිදී උපදෙස් ලබා දුන්නා.

එමෙන්ම අක්කර දෙකකට නොඅඩු කෘෂිකර්ම ඉඩම් සඳහා ගිනි අවි දීමට රජය තීරණය කර ඇති බව ද ඇමැතිවරයා මෙහිදී පෙන්වා දී තිබෙනවා

Share This