ග්‍රාම නිලධාරීන් හෙට සහ අනිද්දා ලෙඩ වෙයි

ග්‍රාම නිලධාරීන් හෙට සහ අනිද්දා ලෙඩ වෙයි

ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් අඛණ්ඩ සේවා වර්ජනයකට සූදානම් බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමයේ ජාතික සංවිධායක නෙවිල් විජයරත්න මහතා පවසනවා

මහනුවර (05) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු කියා සිටියේ හෙට (06) සහ අනිද්දා (07) යන දෙදින මෙරට දාහතරදහසකට අධික සියලු වසම්වල ග්‍රාම නිලධාරීහු ලෙඩ නිවාඩු දමා සංකේත වැඩ වර්ජනයක නිරත වන බවයි .

සේවා ව්‍යවස්ථාව ස්ථාපිත කිරීම, කාර්යාල , නිල ඇඳුම්, ලිපි ද්‍රව්‍ය, ගමන් වියදම් විධිමත් පරිදි ලබා ගැනීම මෙම වර්ජනයේ ප්‍රධාන අරමුණ බවද ඔහු වැඩිදුරත් පැවසුවා

Share This