සුහුරු සිසුවා මෙන්ම සුහුරු ගොවියා බිහි කිරීම අපේ අරමුණයි

සුහුරු සිසුවා මෙන්ම සුහුරු ගොවියා බිහි කිරීම අපේ අරමුණයි

සුහුරු සිසුවා මෙන්ම සුහුරු ගොවියා බිහි කිරීම අරමුණ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා

ඔහු මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 175 වැනි අදියර යටතේ අද (05) අනුරාධපුර මිහින්තලේ තිරප්පනේ ඇතුන්ගම ගැමුණු විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමින්

ඒ අනුව රජරට ප්‍රදේශයේ බහුතරයක් කෘෂිකර්මාන්තයේ නියැලෙන බවත් මේ ගොවි ජනතාව ඉලක්ක කර ගෙන සමගි ජන බලවේගය සුහුරු අධ්‍යාපනය ඇති කරනවා සේම සුහුරු කෘෂිකර්මාන්තයක් ඇති කරන බවත් විපක්ෂ නායකවරයා කියා සිටියා

එමෙන්ම කෘෂිකර්මාන්තයේ නියැලෙන ජනතාවගේ දැනට තිබෙන ඉඩම් තුළ ගුණාත්මක භාවයෙන් ඉහළ ඵලදාව ලබා ගෙන ඒවා දේශීය නිෂ්පාදනයට පමණක් නොව අපනයනය සඳහා ද සුදුසු භවබෝග නිෂ්පාදනය කිරීමේ තාක්ෂණය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා එහිදී වැඩිදුරටත් පැවසුවා

Share This