උණුසුම් කාලගුණය ගැන දැනුම්දීමක්

උණුසුම් කාලගුණය ගැන දැනුම්දීමක්

පවතින උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, උතුරු, උතුරුමැද, වයඹ, නැගෙනහිර පළාත් සහ මොනරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බව සඳහන්.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ අද (18) පස්වරු 2.30ට සිට හෙට (19) දක්වා එම නිවේදනය වලංගු බවයි

මේ හේතුවෙන් අවදානම් කාණ්ඩයේ පුද්ගලයින් වඩාත් සැලකිල්ලෙන් පසුවිය යුතු බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

Share This