උණුසුම් කාලගුණයෙන් තායිලන්තයේ පුද්ගලයින් 30 දෙනෙකු මරුට

උණුසුම් කාලගුණයෙන් තායිලන්තයේ පුද්ගලයින් 30 දෙනෙකු මරුට

අධික උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම වසරේ ගත වූ කාලය තුළ තායිලන්තයේ පුද්ගලයින් 30 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

දකුණු සහ අග්නිදිග ආසියාව පුරා සිටින මිලියන සංඛ්‍යාත පිරිසක් උණුසුම් කාලගුණයෙන් පීඩාවට පත්ව සිටින බව සඳහන්.

පවතින කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින් කලාපය තුළ පාසල් ද වසා දමා ඇති අතර තායිලන්තයේ බැංකොක් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 52 දක්වා ඉහළ යා හැකි බවට බලධාරීන් අනතුරු අඟවා තිබෙනවා.

Share This