ඉරාන ජනපතිගේ සම්ප්‍රාප්තිය වෙනුවෙන් විශේෂ ආරක්ෂක හා රථ වාහන සැලැස්මක්

ඉරාන ජනපතිගේ සම්ප්‍රාප්තිය වෙනුවෙන් විශේෂ ආරක්ෂක හා රථ වාහන සැලැස්මක්

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාව සඳහා ඉරාන ජනාධිපතිවරයා අද(24) උදෑසන ශ්‍රී ලංකාවට පැමිණීමත් සමග විශේෂ ආරක්ෂක සැලැස්මක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව පොලිසිය නිවේදනය කරනවා.

ඒ අනුව අද පස්වරුවේ කොළඹ මාර්ග කිහිපයක් ද අවස්ථා කිහිපයකදී වසා තැබෙන බවයි වාර්තා වන්නේ.

අද (24) පස්වරු 2 සිට 3 දක්වා කාලය තුළ කටුනායක කොළඹ අධිවේගී මාර්ගය වසා තැබෙන බව සඳහන්.

එමෙන්ම අධිවේගී මාර්ගයේ සිට පෑලියගොඩ, ඔරුගොඩවත්ත මංසන්ධිය, දෙමටගොඩ, බොරැල්ල, ඩී එස් සේනානායක මංසන්ධිය, හෝටන් පෙදෙස, හෝටන් වටරවුම, ග්‍රීන් පාත්, පුස්තකාල වටරවුම, ආනන්ද කුමාරස්වාමි මාවත, ලිබර්ටි වටරවුම, ආර් ඒ ද මැල් මාවත, ශාත්න මයිකල් පාර, ගාලු පාර සිට කොටුව දක්වා වූ මාර්ගයත්, හිල්ටන් හෝටලය දක්වා වූ මාර්ගයත් පැයක කාලසීමාවකට වසා තැබීමට කටයුතු කර තිබෙනවා.

පස්වරු 3.30න් පසුව කොළඹ ලෝටස් වටරවුම වසා තැබෙන අතර පස්වරු 6 සිට 6.30 දක්වා වූ කාලය තුළ ජනාධිපති කාර්යාලයේ සිට ගාලු පාර ඇතුලු මාර්ග කිහිපයක් වසා තැබෙන බව සඳහන්.

රාත්‍රී 7.30 න් පසුව කොටුව ජනාධිපති මන්දිරය දක්වා මාර්ගය වසා තැබෙන අතර රාත්‍රී 9.30 න් පසු කොළඹ කොටුව සිට NSA වටරවුම ගාලුපාර, ඇතුළු මාර්ග කිහිපයක් වසා තබන බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

එම නිවේදනය පහතින්,

Share This