ශිෂ්‍යත්ව ප්‍රතිඵල සිංහල අවුරුද්දට පෙර

ශිෂ්‍යත්ව ප්‍රතිඵල සිංහල අවුරුද්දට පෙර

අවස්ථා කිහිපයක දී කල්දැමුණු 2021 වර්ෂයට අදාළ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2,943ක් සහ විශේෂ මධ්‍යස්ථාන 108කදී අද (22) පැවැත් වුණා.

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව අද පැවති ශිෂ්‍යත්ව විභාගයට අපේක්ෂකයින් 340,508ක් ඉදිරිපත්ව සිටි බවයි විභාග දෙපාර්තමේතුව සඳහන් කළේ.

කොවිඩ් ආසාදිත හා නිරෝධායනයට ලක් වී ඇති දරුවන් හට මෙහිදී විශේෂ ක්‍රමවේදයක් යටතේ විභාගයට පෙනී සිටීමට පහසුකම් සලසා දී තිබුණා.

මාස 05ක පමණ කාලයක ප්‍රමාදයෙන් පසුව පැවති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල සිංහල අලුත් අවුරුද්දට පෙර නිකුත් කිරීමට කටයුතු කළ හැකි බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා සඳහන් කළා.

 

 

Share This