මුහුදෙන් ඕස්ට්‍රේලියාවට යන්න ගිය 65ක් අත්අඩංගුවට

මුහුදෙන් ඕස්ට්‍රේලියාවට යන්න ගිය 65ක් අත්අඩංගුවට

මුහුදු මාර්ගය ඔස්සේ නීති විරෝධි අයුරින් ඕස්ට්‍රේලියාව බලා යෑමට සුදානමින් සිටි 65 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් ත්‍රිකුණාමල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා

දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබු මේ පුවත පිළිබඳව ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද අවධානය යොමු කෙරුණා

ඔවුන් අත්අඩංගුවට ගැනුණේ ත්‍රිකුණාමල ඇතුළු වරාය හාබර් හෝටලයක තාවකාලිකව ලැඟුම් ගෙන සිටියදීයි

අත්අඩංගුවට ගත් 65 දෙනා අතර පිරිමි පුද්ගලයන් 63 දෙනකු හා කාන්තාවක්ද වයස අවුරුදු 4ක කුඩා දැරියක්ද වන බව පොලිසිය සඳහන් කරනවා

මොවුන් පිළිබඳ කළ සෝදියේදී වියළි ආහාර හා ඇඳුම් පැලඳුම් ද සොයාගැනීමට පොලිසිය සමත් වී ඇති අතර .
යාපනය, මුලතිව්, ත්‍රිකුණාමලය හා කිලිනොච්චි ප්‍රදේශවල පදිංචි මොවුන් රුපියල් ලක්ෂ ගණනින් මුදල් ගෙවා මෙලෙස නීති විරෝධී අයුරින් විදේශගත වන්නට සුදානමින් සිටි බවයි පොලිසිය සඳහන් කරන්නේ

මොවුන්ගෙන් මෙලෙස මුදල් ලබාගත් ජාවාරම්කරුවන් මේ වනවිට පැනගොස් තිබෙනවා

Share This