කිරිපිටි,ගෑස්,තිරිගු පිටි සහ සිමෙන්ති මිල වැඩි කිරීම ගැන තීරණය අද

කිරිපිටි,ගෑස්,තිරිගු පිටි සහ සිමෙන්ති මිල වැඩි කිරීම ගැන තීරණය අද

කිරිපිටි,ගෑස්,තිරිගු පිටි සහ සිමෙන්ති මිල ගණන් ඉහළ දැමීම සම්බන්ධයෙන් කැබිනට් රැස්වීමේදී තීරණයක් ගැනීමට නියමිත බව අද (27) ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනේ දී පුවත්පත් වාර්තාවක් උපුටා දක්වමින් කරුණු සඳහන් කළා.

කිරිපිටි කිලෝව රුපියල් 200 කින් ද,කිලෝ ග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 550 කින් ද,තිරිඟු පිටි කිලෝව රුපියල් දහයකින් ද සිමෙන්ති කොට්ටයක මිල රු.50 කින් ද වැඩි කිරීමට පාරිභෝගික අධිකාරියේ අනුමැතිය ලැබී ඇතැයි වාර්තා වන බව පුවත්පත් වාර්තාවල සඳහන්.

පාරිභෝගික අධිකාරිය විසින් සකස් කරන ලද එම මිල ගණන් ඇතුළත් යෝජනාව අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සිකුරාදා (24)පැවැති ජීවන වියදම් කමිටුවේ දී සාකච්ඡා වී ඇති අතර, එහි වාර්තාව කැබිනට් රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිත බවද එහි දැක්වෙනවා.

මේ සම්බන්ධයෙන් දිනපතා පුවත්පතක් කළ විමසීමකදී අදහස් දැක්වූ වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ජීවන වියදම් කමිටුවේ වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බව සඳහන් කර තිබෙනවා.

ඒ අනුව කැබිනට් රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිතව ඇතැයි ඔහු සඳහන් කර තිබුණා.

Share This