ඉන්ධන ලීටර් 2,000ක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
බලපත්ර නොමැතිව ඩීසල් තොගයක් ලග තබාගත් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කිරණමඩු හා කැකිරාව යන ප්රදේශවලදියි.
කැකිරාව ප්රදේශයේදී අත්අඩංගුවට ගත් පුද්ගලයා 32වන වියේ පසුවන ගොඩවෙල නිහළුව ප්රදේශයේ පදිංචිකරුවෙක්.
ඔහු සතුව තිබී සොයාගෙන ඇති ඩීසල් ප්රමාණය ලීටර 400ක් බවයි පොලිසිය සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් අනෙක් පුද්ගලයා කිරණමඩු – මන්ඩකන්ඩාල් ප්රදේශයේ පදිංචි 42 හැවිරිදි වියේ පසුවන්නෙක් වන අතර ඔහු සතුව තිබී ඩීසල් ලීටර 1,590ක් සොයාගෙන තිබෙනවා.