බිරිඳ නිවසේ කළ වැඩවලට මුදල් දෙන්නට සිදුවූ අමුතු දික්කසාදය

බිරිඳ නිවසේ කළ වැඩවලට මුදල් දෙන්නට සිදුවූ අමුතු දික්කසාදය

බීජිං දික්කසාද අධිකරණය විසින් දික්කසාද නඩුවක තීන්දුව වශයෙන් තම බිරිඳ සිදු කළ ගෙදර දොරේ වැඩ සඳහා වසර පහක වැය කළ ශ්‍රමයට යුවාන් 50,000 ක් එනම් රුපියල් 1 496 580 මුදලක් ගෙවීමට නියම කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ගෘහ සේවයේ වටිනාකම පිළිබඳව මෙම නඩුව අන්තර්ජාලය හරහා විශාල විවාදයක් ඇති කර ඇති අතර සමහරු පවසන්නේ වන්දි මුදල ඉතා සුළු බවයි.

චීනය නව සිවිල් නීති සංග්‍රහයක් හඳුන්වා දීමෙන් පසුව මෙම තීන්දුව ලබා දී තිබෙනවා.

උසාවි වාර්තාවලට අනුව, චෙන් යන වාසගම මගින් හඳුනාගත් මේ පුද්ගලයා 2015 දී විවාහ වීමෙන් පසු ඔහුගේ බිරිඳ වන වැන්ග්ගෙන් දික්කසාද වීමට ඉල්ලුම් කර තිබෙන අතර ඇය මුලින් දික්කසාද වීමට අකමැති වූ නමුත් පසුව මූල්‍යමය වන්දි ඉල්ලා තිබෙනවා.

මේ අනුව බීජිං හි ෆැන්ෂාන් දිසා අධිකරණය ඇයට පක්ෂව තීන්දුවක් ලබා දුන් අතර, ඇයට මාසිකව යුවාන් 2,000 ක ජීවිතාන්තය ගෙවන ලෙසත්, ඇය විසින් කරන ලද ගෙදර වැඩ සඳහා යුවාන් 50,000 ක් එකවර ගෙවන ලෙසත් නියෝග කර තිබෙනවා.

Share This