Maruti නාමය පසුපස සිටි ‘ඉන්දියාවේ දැවැන්තයාගේ ‘ සමු ගැනීම ගැනයි මේ

Maruti නාමය පසුපස සිටි ‘ඉන්දියාවේ දැවැන්තයාගේ ‘ සමු ගැනීම ගැනයි මේ

ඉන්දියාවේ ‘රාජ්‍ය අංශයේ ව්‍යාපාරවල පියා’ ලෙස හඳුන්වන ක්‍රිෂ්ණමූර්ති මහතා දිවි සැරිය නිම කළේ 97 වැනි වියේ පසුවෙද්දීයි.

Maruti Udyog Ltd හි නිර්මාතෘ වූ වී ක්‍රිෂ්ණමූර්ති මහතා ඉන්දියාවේ BHEL, Maruti Udyog, SAIL සහ Gail (India) වැනි ආයතන කිහිපයක පෙරළිකාර මිනිසා ලෙසයි හඳුන්වනු ලබන්නේ

තමිල්නාඩුවේ කරුවේලි විහාරස්ථානයේ උපත ලද ඔහු දෙවන ලෝක සංග්‍රාමයේදී ගුවන් තොටුපල කාර්මික ශිල්පියෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කරනු ලැබුවා

ඔහු Maruti Udyog Ltd හි නිර්මාතෘ සභාපති වූ අතර Iconic Maruti 800 හඳුන්වාදීම පිටුපස කටයුතු කිරීම සඳහාද ප්‍රසිද්ධයි

ඉන්දියාවේ හිටපු අගමැතිවරුන් වන ජවහර්ලාල් නේරු, ලාල් බහදූර් ශාස්ත්‍රි, ඉන්දිරා ගාන්ධි, මොරාර්ජි දේසායි, රජිව් ගාන්ධි සහ මන්මෝහන් සිං වැනි නායකයින් සමීපයේ සිටිමින් විවිධ තනතුරු දරමින් කටයුතු කිරීමේ විශිෂ්ඨත්වයද ක්‍රිෂ්ණමූර්ති සතු වුණා.

ඔහු 1954 දී ඉන්දියාවේ විදුලිබල ක්ෂේත්‍රය ආරම්භ කළ අවධියේ සැලසුම් කොමිසමේ කොටසක් ලෙස විදුලි ව්‍යාපෘති භාර පුද්ගලයා ලෙස රජය සමග කටයුතු කිරීම ආරම්භ කළා

අධ්‍යයන ක්‍ෂේත්‍රය තුළ, ඔහු ඉන්දීය සමුද්‍ර විශ්වවිද්‍යාලය සහ තමිල්නාඩු මධ්‍යම විශ්වවිද්‍යාලයේ කුලපති වීමට සුදුසුකම් ලැබුවා

එමෙන්ම ඔහු ඉන්දීය කළමනාකරණ ආයතනය (IIM) බැංගලෝර්, IIM අහමදාබාද්, දිල්ලිහි ඉන්දියානු තාක්ෂණ ආයතනය වැනි ප්‍රමුඛ ආයතනවල සභාපති ලෙස කටයුතු කර තිබෙනවා .

ක්‍රිෂ්ණමූර්ති මහතාගේ සේවය වෙනුවෙන් ඉන්දියාව ඔහුට 1973 දී පද්ම ශ්‍රී, 1986 දී පද්ම භූෂණ සහ 2007 දී රටේ දෙවන විශාලතම සිවිල් සම්මානය වන පද්ම විභූෂණ යන සම්මානයෙන් ගෞරව පුද කරනු ලැබුවා .

ජපානය විසින් ක්‍රිෂ්ණමූර්ති මහතාට ඉහළම සිවිල් ගෞරව නාමයක් වන “Oder of the Rising Sun” ද පිරිනමා තිබෙන අතර එම ගෞරව නාමය ඔහුට ලැබී තිබුණේ 2009 දී ඉන්දියාව සහ ජපානය අතර ද්විපාර්ශ්වික ආර්ථික සබඳතා ප්‍රවර්ධනය සඳහා ඔහුගේ දායකත්වය වෙනුවෙන්.

ක්‍රිෂ්ණමූර්ති මහතා චෙන්නායි හි පිහිටි ඔහුගේ නිවසේදී අභාවප්‍රාප්ත වූ බව ඔහුගේ හිටපු සමීපතමයෙකු දන්වා සිටි අතර අවසන් කටයුතු සඳුදා සිදුකිරීමට නියමිත බව PTI පුවත් සේවය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Share This