අධි වේගයෙන් ඉහළ ගිය අධිවේගයේ ආදායම

අධි වේගයෙන් ඉහළ ගිය අධිවේගයේ ආදායම

මෙරට සමස්ත අධිවේගී මාර්ග පද්ධතිය තුළ ඉකුත් 8දා සිට 14දා දක්වා ධාවනය වූ වාහන හත්ලක්ෂ හැත්තෑතුන්දහස් හත්සිය තිස් හතකින් රුපියල් මිලියන දෙසීය දහයකට අධික ආදායමක් උපයාගෙන තිබෙනවා

එසේ ආදායම් උපයාගෙන ඇත්තේ කොළඹ කටුනායක අධිවේගී මාර්ගය, පිටත වටරවුම අධිවේගී මාර්ගය හා දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වූ වාහනවලින් .

මේ අනුව, ඉකුත්10දා එම අධිවේගී මාර්ග තුළ වාහන එක්ලක්ෂ හතළිස් එක්දහස් එකසිය අසූහතක් (141,187) ධාවනය කිරීමෙන් රුපියල් මිලියන 38.28ක් උපයාගෙන ඇති අතර එම දින කිහිපය තුළ වැඩිම ආදායමක් උපයා ඇත්තේ එදින බවයි වාර්තා වී තිබෙන්නේ

මේ සම්බන්ධයෙන් මෙරට අධිවේගී මාර්ග මෙහෙයුම්, නඩත්තු හා කළමනාකරණ වැඩබලන අධ්‍යක්ෂ මිහාල් ලොඩ්වික් මහතාගෙන් පුවත්පතක් කළ විමසීමේදී කියා තිබෙන්නේ , උත්සව සමයේදී ජනතාව සිය ගම්බිම් බලා යෑම හා විනෝද චාරිකා යෑම සඳහා අධිවේගී මාර්ග යොදාගැනීම හේතුවෙන් මෙවැනි ආදායමක් උපයාගැනීමට හැකියාව ලැබුණු බවයි

කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් ඉකුත් වසරේ අවුරුදු සමයේ අධිවේගී මාර්ග පද්ධති තුළ වාහන ගමනාගමනය සීමාකර තිබූ බැවින් එම වසරේ හා මෙම වසරේ ආදායම්වල අඩු වැඩිවීම් පිළිබඳ සඳහන් කළ නොහැකි බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳ කතාබහ කෙරුණා

Share This