අනුරපුර ප්‍රතිකාර මධ්‍යස්ථාන උපරිම සීමාවට – කැකිරාවේ ආසාදිතයින් 22ක් තවමත් නිවෙස්වල

අනුරපුර ප්‍රතිකාර මධ්‍යස්ථාන උපරිම සීමාවට – කැකිරාවේ ආසාදිතයින් 22ක් තවමත් නිවෙස්වල

කැකිරාව හා අවට ප්‍රදේශයන්හි කොවිඩ් -19 ආසාදිතයින් 22 ‍ක් මේ වන විට සිය නිවෙස්වල රැඳී සිටින බව සෞඛ්‍ය බලධාරීන් පවසන බව අප ප්‍රාදේශීය වාර්තාකරු පවසනවා

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රතිකාර මධ්‍යස්ථාන උපරිම සීමාවට පැමිණ තිබීම හේතුවෙන් එම තත්ත්වය මතුව ඇතැයි සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙනවා.

ඒ අනුව කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයෙන් හඳුනාගත් ආසාදිතයින් 10 ක් ද ඉපලෝගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයනයෙන් ආසාදිතයින් 10ක් ද පලාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයන් ආසාදිතයින් 3ක් ද ඒ අතර වනවා.

එලෙස රැඳී සිටින පිරිස අතර ඉකුත් 25 වනදා හඳුනාගත් ආසාදිතයින් වන අතර මෙලෙස නිවෙස්වල සිටින ආසාදිතයින් අතර ගැබිණි මව්වරුන්, පාසැල් දරුවන් සහ වයෝවෘධ පුද්ගලයන් ද වන බවයි වාර්තා වන්නේ.

මේ අතර ඉකුත් අලුත් අවුරුදු සැමරුමෙන් පසු කැකිරාවෙන් හමුව ඇති මුළු ආසාදිතයින් ගණන 38 ක් වනවා.

Share This