පස් කන්දක් තිදෙනෙකු මතට කඩා වැටේ (PHOTOS )

පස් කන්දක් තිදෙනෙකු මතට කඩා වැටේ (PHOTOS )

තලවකැලේ, ආගරපතන, හෝල්බෲක් ප්‍රදේශයේ නිවසක අත්තිවාරමක් කපමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු මතට පස් කන්දක් කඩා වැටීමෙන් ඊයේ (04) සවස එක් අයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇතැයි ආගරපතන පොලීසිය පවසනවා.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ආගරපන, බැල්මොරල් වත්තේ පදිංචිව සිටිසිව් දරු පියෙකු බව පොලීසිය සඳහන් කළා.

නිවසක් තැනීමට අත්තිවාරම් කපමින් සිටියදි ඊට ඉහළින් තිබූ පස් කන්දක් කඩා වැටී මෙම පුද්ගලයන් තිදෙනාම ඊට යට වී ඇති අතර පසුව ආගරපතන පොලීසියේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව පස් ඉවත් කොට මොවුන් ඉවතට ගෙන තිබෙනවා.

ඒ වනවිටත් එක් පුද්ගලයෙකු මිය ගොස් ඇති අතර තුවාල ලැබු පුද්ගලයන් දෙදෙනා ප්‍රතිකාර සඳහා ආගපතන රෝහලට ඇතුළත් කර තිබෙනවා.

Share This