මෙරටින් තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් 160ක් හඳුනාගැනේ
ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ තවත් පුද්ගලයින් 160 දෙනෙකු මෙරටින් හඳුනාගෙන ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා.
පටල සාම්පල 182ක ජාන විශ්ලේෂණ පරීක්ෂණ මගින් මේ බව තහවුරු වූ බවයි ආචාර්ය චන්දිම ජීවන්දර මහතා වැඩිදුරටත් සඳහන් කළේ.