පාතාල කල්ලි නායක ගනේමුල්ල සංජීවගේ ප්‍රධාන ගෝලයෙකු අත්අඩංගුවට
පාතාල කල්ලි නායක ගනේමුල්ල සංජීවගේ ප්‍රධාන ගෝලයෙකු ජීව අත්බෝම්බයක් සහ හෙරොයින් ග්‍රෑම් 16.2 ක් සමග පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගම්පහ පොලිස් වසමේ , ඉඔල්ගොඩ ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබුණා.
2022.08.24 වන දින මිනුවන්ගොඩ, මාකේවිට මවිලි සුපර් හාර්ඩ්වෙයර් හී සිදුවු මනුෂ්‍ය ඝාතනයට ආධාර අනුබල දීම, ජීව අත්බෝම්බයන් සන්තකයේ තබා ගැනීම, හෙරොයින් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් සිදුකිරීමේ වරදටයි අදාල පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ.
ඔහු වෑබඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25 ක තරුණයෙක්.
ඔහු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගම්පහ පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.