සිර දඬුවම් නියම වූ ගාන්ධි ගැන ඉන්දීය පාර්ලිමේන්තුව ගත් තීරණය

සිර දඬුවම් නියම වූ ගාන්ධි ගැන ඉන්දීය පාර්ලිමේන්තුව ගත් තීරණය

ඉන්දියාවේ විපක්ෂ නායක රාහුල් ගාන්ධි සාපරාධී අපහාස නඩුවකට දෙවසරක සිරදඬුවම් ලැබීමෙන් පසු ඔහු මන්ත්‍රී ධුරයටද නුසුදුස්සකු ලෙසට පාර්ලිමේන්තුව විසින් තීරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරනවා

ඒ අනුව අද (24) දිනයේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී මණ්ඩලයේ කාර්යාලයෙන් මෙම නියෝගය පැමිණ තිබෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

ගුජරාට් ප්‍රාන්තයේ ප්‍රාදේශීය අධිකරණ තීන්දුවකින් ඔහු වරදකරු ලෙස නියම කෙරුණේ ඊයේ (23) දිනයේදීයි

ගාන්ධි මහතා දකුණු කේරළ ප්‍රාන්තයේ වයනාද් ප්‍රදේශයේ මන්ත්‍රීවරයෙක් ලෙසයි කටයුතු කරනු ලැබුවේ.

දින 30ක් ඇප මත සිටින ඔහු තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බවද පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ .

අද (24) දිනයේ කොංග්‍රසය ප්‍රමුඛ විපක්ෂ නායකයන් දිල්ලි අගනුවර විරෝධතා පා ගමනකද නිරත වී තිබෙනවා

විරෝධතාවයේ නිරත මන්ත්‍රීවරුන් ජනාධිපති ද්‍රෞපදි මුර්මුගේ නිල නිවස වන රාෂ්ට්‍රපති භවන් වෙත පා ගමනක් යාමට සැලසුම් කර තිබුණු බවයි පැවසෙන්නේ

කොන්ග්‍රස් සභාපතිවරයා මාධ්‍ය වෙත සඳහන් කර තිබෙන්නේ රාහුල් ගාන්ධි පාර්ලිමේන්තුවේ කතා කිරීමට අවසර ඉල්ලා සිටි නමුත් එය ප්‍රතික්ෂේප කළ බවයි.

ඉදිරි දිනවලදී ද රජයට එරෙහිව තවත් විරෝධතා පැවැත්වීමට සැලසුම් කර ඇති බව කොංග්‍රසය පවසා තිබෙනවා

මැතිවරණ රැලියකදී අගමැති නරේන්ද්‍ර මෝදිගේ වාසගම පිළිබඳ 2019 වසරේදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් රාහුල් ගාන්ධි වරදකරු බවට පත්වුණා

ඔහුගේ දඬුවම අත්හිටුවන තුරු හෝ නඩුවෙන් ඔහු නිදොස් කොට නිදහස් කරන තුරු රාහුල් ගාන්ධිට මැතිවරණයට තරග කිරීමටද ඉඩ නොදෙනු ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

කෙසේවෙතත් ලබන වසරේ ඉන්දියාවේ ජාතික මැතිවරණයක් පැවැත්වීමට නියමිත බවද වාර්තා වනවා

Share This