සාලාව අවි ගබඩාවෙන් විසිවූ උණ්ඩයක් සය වසකට පසු පුපුරයි -දරුවෙකුට බරපතල තුවාල

සාලාව අවි ගබඩාවෙන් විසිවූ උණ්ඩයක් සය වසකට පසු පුපුරයි -දරුවෙකුට බරපතල තුවාල

නිවසක මිදුලේ තිබූ මෝටාර් උණ්ඩයක කොටසක් පුපුරායෑමෙන් පාසල් සිසුවෙක් බරපතල තුවාල ලබා තිබෙනවා.

2016 වසරේ සාලාව අවි ගබඩාව පුපුරා යාමෙන් තැන තැන විසිර තිබු මෝටර් උණ්ඩයක කොටසක් මෙලෙස පුපුරා ගොස් ඇති බවයි පැවසෙන්නේ.

උණ්ඩ කොටස පිපිරීමෙන් බරපතළ තුවාල ලැබු පාසල් සිසුවා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් ඊයේ (27) සවස මෙම සිදුවීම සිදුව ඇති බවත් සඳහන්

සිසුවා එම අනතුර සිදුවන අවස්ථාවේ පොතක් කියවමින් සිට ඇති අතර පිපිරීම සිදුවු ස්ථානයේ තිබූ මි.මී 130 ප්‍රමාණයේ කාලතුවක්කුවලට යොදන උණ්ඩ කොටසක් මෙලෙස පිපිරෙන්නට ඇතැයි පොලීසිය සැකපළ කරනවා

පිපිරීම සිදුවු අවස්ථාවේ දී දරුවා අවිස්සාවේල්ල දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත මාරු කර යවා තිබෙනවා.

පොලීසිය හා යුද හමුදාව එක්ව වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

Share This