සංවර්ධනයට දායක වන රාජ්‍ය ආයතන ඒකාබද්ධ කරගනිමින් භෞතික සැලැස්මක්

සංවර්ධනයට දායක වන රාජ්‍ය ආයතන ඒකාබද්ධ කරගනිමින් භෞතික සැලැස්මක්

රටේ සංවර්ධනයට දායක වන සියලුම රාජ්‍ය ආයතන ඒකාබද්ධ කරගනිමින් සකස්කෙරෙන ජාතික භෞතික සැලැස්ම නුදුරේදීම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

මහජන අවශ්‍යතාවයන් මුල්කරගනිමින් මෙම ජාතික භෞතික සකස්කෙරෙන අතර ඒ සඳහා විවිධ කේෂ්ත්‍ර නියෝජනය කරනු ලබන විද්වතුන්ගේ අදහස් හා යෝජනා ලබාගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කරනවා.

සංවර්ධන වැඩ සටහන්වලදී ඒ සඳහා ක්‍රියාත්මක ආයතන ඒකාබද්ධ කරගැනීම ප්‍රමාදවීම හේතුවෙන් සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම බොහෝවිට ප්‍රමාදවන අතරම මහජන පීඩාවන් ද ඇතිවන බව අමාත්‍යවරයාගේ අදහසයි.

නමුත් ජාතික භෞතික සැලැස්මේ නිර්දේශිත ප්‍රතිපත්ති හා සැලසුම් අනුව ක්‍රියාත්මක වීමෙන් සංවර්ධන සැලසුම් වඩාත් ඵලදායි වන අතර ජනතා අවශ්‍යතාවයන්ට විසඳුම් ලැබෙන බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරනවා.

Share This