ශ්‍රී ලංකාවට එන නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම

ශ්‍රී ලංකාවට එන නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම

නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම තරග සංචාරයක් සඳහා මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ජුනි 23 වනදා ඔවුන් මෙරටට පැමිණෙන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

දෙරට අතර තරගාවලිය එක්දින තරග 3 කින් සහ විස්සයි විස්ස තරග 3 කින් සමන්විත වනවා.

එම තරග ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී සහ P. සරා ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා – නවසීලන්ත එක්දින ක්‍රිකට් තරගාවලිය ජුනි 27 වනදා සහ විස්සයි විස්ස තරගාවලිය ජූලි 8 වනදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

Share This