වප් පුන් පොහොය දිනය අදයි

වප් පුන් පොහොය දිනය අදයි

 

වප්පුර පසළොස්වක පොහොය දිනය අද ට (20) යෙදී තිබෙනවා.

මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අගතැන් ලැබීම, මෛත්‍රී බෝධිසත්වයන් ගෞතම සම්බුදු සසුනේ පැවිදි බව ලැබීම, ථූපාරාම සෑ මළුවේ විනය සංගායනාව සිදු කිරීම, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව රන් කටාරමෙහි පිහිටීම ආදී අසිරිමත් ශාසනික සංසිද්ධීන් සිදු වූයේ අද වැනි වප් පුන් පොහෝ දිනයක දී වීම විශේෂත්වයක්.

කඨින චීවර මාසය ඇරඹෙන වප් පුන් පොහෝ දිනය ශාසනික වශයෙන් ඉතා වැදගත් පොහොය දිනයක් ලෙස හඳුනාගත හැකියි.

මේ අතර කඨින චීවර පූජාව පැවැත්වීම සම්බන්ධයෙන් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (19) නිකුත් කළා.

පසුගිය 12 වනදා නිකුත්කරනු ලැබූ මාර්ගෝපදේශ සංශෝධනය කරමින් නිකුත් කළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව කඨින චීවරය රැගත් පෙරහැර සංවිධානය කිරීමට අවසර හිමි වනු ඇති.

එහෙත් ඒ සඳහා සහභාගී කරවාගත හැකි සැදැහැවතුන් සංඛ්‍යාව 50ක් හෝ ඊට අඩු සංඛ්‍යාවක් වියුතුයි.

එමෙන්ම කඨින චීවර පූජාව සහ දහවල් දානමය පිංකම මෙන්ම කඨිනානිසංස ධර්ම දේශනය පැවැත්වීම සඳහා අවසර හිමිවන අතර ඒ සඳහා සහභාගී කරවාගත හැකි සැදැහැවතුන් සංඛ්‍යාව 50 දෙනෙකුට සීමා කර තිබෙනවා.

Share This