ලෝක කුසලානයට සිංහයන් කැන්ගරු දේශයට

ලෝක කුසලානයට සිංහයන් කැන්ගරු දේශයට

ලෝක කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම අද අලුයම දිවයිනේ පිටවගොස් තිබෙනවා.

ලබන 16 වැනිදා මෙම තරඟාවලිය ඔස්ට්‍රේලියාවේදී ආරම්භ වීමටයි නියමිතව ඇත්තේ.

සුපිරි කණ්ඩායම් 12 අතර තරග වටයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලැබීමේ තරගාවලියකට සහභාගි විය යුතු වන අතර එම තරගාවලිය ලබන 16 වැනිදා නැමීබියාවට එරෙහිව ආරම්භ වනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු පෙරහුරු තරගයට එක්වන්නේ ලබන 10 වැනිදා සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිවයි.

අනතුරුව 13 වැනිදා අයර්ලන්තයට එරෙහිව දෙවැනි පුහුණු තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වනු ඇති.

Share This